EasyShare රහස්‍යතා ප්‍රතිපත්තිය


හිතවත් පරිශීලකය,
vivo Mobile Communication Co., Ltd. සහ එහි ගෝලීය අනුබද්ධායතන (මෙතැන් සිට "vivo", "අපි," අප "හෝ" "අපගේ"ලෙස හැඳින්වේ) ඔබේ රහස්‍යතාවට ගරු කරන අතර ඔබේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට අපගේ උපරිමය ඉටු කරනු ඇත. EasyShare රහස්‍යතා ප්‍රතිපත්තිය ("මෙම ප්‍රතිපත්තිය") EasyShare යෙදුම (මෙම යෙදුම සහ ඊට අදාළ අන්තර්ගතයන් සාමූහිකව "මෙම සේවාව" ලෙස හැඳින්වේ) භාවිතා කරන අතරතුර පරිශීලක තොරතුරු රැස් කිරීම, සැකසීම, ගබඩා කිරීම, සම්ප්‍රේෂණය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා අදාළ වේ. මෙම සේවාව භාවිතා කිරීමට පෙර කරුණාකර මෙම ප්‍රතිපත්තිය කියවා, තේරුම්ගෙන, එකඟ වන්න. තද පැහැයෙන් ඇති අන්තර්ගතය කියවන ලෙස ඔබට විශේෂයෙන්ම සිහිපත් කෙරේ.
මෙම සේවාව භාවිතා කිරීමෙන්, ඔබ මෙම රහස්‍යතා ප්‍රතිපත්තියේ ඇති සියලුම කොන්දේසි කියවා, එකඟ වී, පිළිගෙන ඇත. මෙම රහස්‍යතා ප්‍රතිපත්තියේ අවශ්‍යතාවයන්ට අනුකූලව මෙම සේවාව සැපයීමේ අවශ්‍යතාවය සහ කාර්යක්ෂමතාව සඳහා අප විසින් ඔබේ තොරතුරු භාවිතා කර ආරක්ෂා කර ඇත්තෙමු.

1. පරිශීලක අන්තර්ගතය සම්ප්‍රේෂණය කිරීම
(1) මෙම උපාංගය මත ඇති සම්බන්ධතා, SMS පණිවුඩ, ඇමතුම් ලොග්, දින දර්ශන, යෙදුම්, සටහන්, රූප, සංගීතය, වීඩියෝ, පටිගත කිරීම්, සැකසුම් සහ මෙම සේවා විසින් සහය දක්වන වෙනත් අන්තර්ගතය (සාමූහිකව "පරිශීලක අන්තර්ගතය ලෙස හැඳින්වේ ") වෙනත් බලයලත් උපාංගයකට මුහුණට මුහුණලා තැබෙන ආකාරයෙන් සම්ප්‍රේෂණය කිරීමට මෙම සේවාව භාවිතා කරන බව ඔබ වටහාගනී.
(2) ඔබ පළමු වරට යම් ආකාරයක පරිශීලක අන්තර්ගතයක් (උදාහරණ ලෙස, ඔබගේ උපාංගයේ ඇති ඡායාරූප) සම්ප්‍රේෂණය කරන විට, මෙම අන්තර්ගතයට පිවිසීමට අපි ඔබගේ පූර්ව අවසරය ඉල්ලමු.
(3) සමහර පරිශීලක අන්තර්ගතයන් මෙම සේවාවේ අතුරුමුහුණතෙහි රූප, උපුටන හෝ වෙනත් ස්පර්ශනීය ආකාරවලින් පෙන්වනු ඇත. ඔබගේ උපාංගයේ ගබඩා කර ඇති පරිශීලක අන්තර්ගතය මත පදනම්ව සංදර්ශනය කළ යුතු අන්තර්ගතය අහඹු ලෙස ජනනය කර යාවත් කෙරෙනු ඇත.
(4) පරිශීලක අන්තර්ගතය සම්ප්‍රේෂණය කළ හැක්කේ සම්ප්‍රේෂණය වන එක් අවස්ථාවකදී එය ලැබීමට බලයලත් විශේෂිත උපාංගයක් වෙත පමණි. අපි පරිශීලක අන්තර්ගතය එක් උපාංගයකින් තවත් උපාංගයකට සම්ප්‍රේෂණය කිරීමට පමණක් උපකාර කරන අතර එය ඔබෙන් එකතු කිරීම හෝ කිසිදු ආකාරයකින් එය ලැබීම, ලබා ගැනීම, සැකසීම හෝ භාවිතය නොකරමු.

2. අපි රැස් කරන තොරතුරු
(a) ඔබගේ උපාංග තොරතුරු:: ඔබ යම් උපාංගයක් මත මෙම සේවාව භාවිතා කරන විට, IMEI සහ/හෝ වෙනත් උපාංග හැඳිනීම්කරුවන්, උපාංග මාදිලිය, උපාංගයේ නම, සහ පද්ධති අනුවාදය ඇතුළුව අපි මෙම උපාංගයෙන් සමහර තොරතුරු රැස් කිරීමට ඉඩ ඇත. දෝෂ ඉක්මනින් තීරණය කිරීමට, ඔබට ක්‍රියාකාරී ප්‍රතිපෝෂණ විශේෂාංගයක් ලබා දීමට සහ කාලීන නිෂ්පාදන ප්‍රශස්තකරණ සිදු කිරීමට සහ යාවත්කාල විමසීම් හෝ ස්වයං යාවත්කාලීන සේවාවක් සැපයීමට ඔබේ උපාංගයේ අනුවාදය සහ මාදිලිය තීරණය කිරීමට එවැනි තොරතුරු භාවිතා කෙරේ.
(b) IP ලිපිනය: ඔබ Web Share සහ වෙනත් අදාළ ක්‍රියාකාරීත්ව භාවිතා කරන විට, ක්‍රියාකාරීත්වය සක්‍රීය කිරීම සඳහා අවශ්‍ය පරිදි අපට ඔබගේ IP ලිපිනය රැස් කිරීමට අවශ්‍ය වන අතර, LAN සම්බන්ධතාවය සහ සර්වර සත්‍යාපන අරමුණු සඳහා එම තොරතුරු භාවිතා කරනු ඇත. ඔබ අදාළ ක්‍රියාකාරීත්ව භාවිතා කරන විට පමණක් අපි එම තොරතුරු රැස් කරමු.
(c) MAC ලිපිනය: ඔබ බහු තිර ක්‍රියාකාරිත්වය භාවිතා කරන අතර පරිගණකය සඳහා සෙවීමෙන් සම්බන්ධ වන විට, අපට ඔබගේ උපාංගයේ MAC ලිපිනය රැස් කිරීමට අවශ්‍ය වේ (එම තොරතුරු ඔබගේ උපාංගයේ පමණක් භාවිතා වනු ඇති අතර සර්වරයට පැටවීම නොවනු ඇත).
(d) ඔබගේ ලොග් තොරතුරු: ඔබ මෙම සේවාව භාවිතා කරන අතරතුර, අපි භාවිත කාල සීමාව, සම්ප්‍රේෂණය කළ දත්ත ප්‍රමාණය, දත්ත වර්ගය සහ නිශ්චිත යෙදුමේ පැකේජයේ නම (අදාළ නම්) ඇතුළුව නමුත් ඒවාට පමණක් සීමා නොවී මෙම සේවාව මගින් ජනනය කරන ලද ලොග් තොරතුරු රැස් කරන්නෙමු. මූලික සේවා සැපයීමට සහ ඔබ මෙම සේවාව භාවිතා කරන විට පවත්නා සහ ඇතිවිය හැකි ගැටළු විශ්ලේෂණය කිරීමට පමණක් අපි ඔබෙන් රැස් කරන ලොග් තොරතුරු භාවිතා කෙරෙනු ඇත. එය ඔබව හඳුනා නොගනු ඇත.
(e) ඔබේ මෙහෙයුම් තොරතුරු: ඔබගේ උපාංගය Wi-Fi ජාලය හෝ වෙනත් නිදහස් ජාලයකට සම්බන්ධ වූ විට, අපි පිටු නැවත යොමු කිරීම් සහ යෙදුම තට්ටු කිරීම, සැකසීම සහ පිටවීම වැනි මෙහෙයුම් ඇතුළුව නමුත් ඒවාට පමණක් සීමා නොවී කලින් කලට මෙම සේවාව සමග ඔබේ මෙහෙයුම් පිළිබඳ තොරතුරු රැස්කරන්නෙමු. පරිශීලකයා විසින් සේවාව ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය කිරීමට සහ විශ්ලේෂණය කිරීමට මෙහෙයුම් තොරතුරු භාවිතා වනු ඇති අතර, එවිට අපට අපගේ නිෂ්පාදන සහ සේවා ප්‍රශස්ත කර පරිශීලක අත්දැකීම වැඩිදියුණු කළ හැකිය. විශේෂිත පුද්ගලයින් හැඳීන්වීමට හෝ හඳුනාගැනීමට අපි මෙම තොරතුරු භාවිතා නොකරන අතර, ඒ පිළිබඳව කිසිඳු චේතනාන්විත විනිශ්චයක් හෝ චර්යාත්මක විශ්ලේෂණයක්වත් සිදු නොකරමු.

3. අවසර
මෙම සේවාවට එහි ක්‍රියාකාරීත්ව සක්‍රීය කිරීම සඳහා සමහර උපාංග අවසර අවශ්‍ය වේ. පහත දැක්වෙන නිශ්චිත අවසර සහ බලය පැවරීමේ අරමුණු බලන්න:
(a) Bluetooth/Wi-Fi: උපාංග සොයාගැනීමට සහ යුගල කිරීමට Bluetooth/Wi-Fi අවසරය අවශ්‍ය වේ.
(b) ජාලය: සේවා අනුවාදය යාවත් කිරීමට හෝ උත්ශ්‍රේනිගත කිරීමට ජාල අවසරය අවශ්‍ය වේ.
(c) ජංගම ජාලය සක්‍රීය/අක්‍රීය කිරීම: දුරකථන ක්ලෝන ක්‍රියාකාරීත්වය භාවිතා කරන විට, ඔබ හොට්ස්පොට් සම්බන්ධතාවයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය වේ. බලයලත් උපාංගය මගින් දත්ත පරිභෝජනය වළක්වා ගැනීම සඳහා, අපි ඔබගේ උපාංගයේ දත්ත ජාලය අක්‍රීය කිරීමට ඉඩ ඇත.
(d) පිහිටීම: Bluetooth සහ Wi-Fi සොයා ගැනීම සඳහා ඔබගේ දුරකථනයේ MAC ලිපිනය ලබා ගැනීමට පිහිටීම් අවසරය අවශ්‍ය වේ.
(e) SMS/සබඳතා/ඇමතුම් ලොග්: දුරකථන ක්ලෝන ක්‍රියාකාරීත්වය භාවිතා කරන විට, ඔබ විසින් උපාංග අතර එම අන්තර්ගතය සම්ප්‍රේෂණය කිරීමට සහ අනුපිටපත් ඉවත් කිරීමට ඔබේ SMS/සබඳතා/ඇමතුම් ලොග් වෙත කියවීම/ලිවීමට ප්‍රවේශය සක්‍රීය කළ යුතුය.
(f) ශ්‍රව්‍ය පටිගත කිරීම: තිර දර්පණකරණ ක්‍රියාකාරීත්වය භාවිතා කරන විට, තිරයේ ශබ්දය පටිගත කිරීමට සහ එය තත්‍ය කාලීනව පිළිබිඹු කිරීමට ඔබ ශ්‍රව්‍ය පටිගත කිරීමේ අවසරය සක්‍රීය කළ යුතුය (හාත්පස ශබ්දය පටිගත කළ නොහැකිවනු ඇත).
(g) තිරය පටිගත කිරීම: තිර දර්පණකරණ ක්‍රියාකාරීත්වය භාවිතා කරන විට, තිරය පටිගත කිරීමට සහ එය තත්‍ය කාලීනව පිළිබිඹු කිරීමට ඔබ තිර පටිගත කිරීමේ අවසරය සක්‍රීය කළ යුතුය.
(h) කැමරාව: උපාංග සම්බන්ධතාවය ස්ථාපිත කිරීමට සහ අන්තර්ගතය සම්ප්‍රේෂණය කිරීම සඳහා QR කේතය ස්කෑන් කරන විට හෝ ඡායාරූපයක් ගෙන එය පැටවීමෙන් ඔබේ පැතිකඩ පින්තූරය සැකසීමේදී ඔබ කැමරාවේ අවසරය සක්‍රීය කළ යුතුය.
(i) දැනුම්දීම: ඔබ බහු තිර ක්‍රියාකාරීත්වය භාවිතා කර දැනුම්දීම් සක්‍රීය කරන්නේ නම්, ඔබට දැනුම්දීම් අවසරය සක්‍රීය කිරීමට අවශ්‍ය වේ.
(j) දුරකථනය: ඔබ බහු තිර ක්‍රියාකාරීත්වය භාවිතා කරන්නේ නම් සහ පරිගණකයෙන් ඇමතුම් ලබන්නේ නම් ඔබ දුරකථන අවසරය සක්‍රිය කිරීමට අවශ්‍ය වේ.
මෙම සේවාවේ අනුරූප ක්‍රියාකාරීත්ව සාක්ෂාත් කර ගැනීම සඳහා පමණක් ඉහත අවසර සක්‍රීය කෙරෙනු ඇත. ඔබ මෙම සේවාවේ ක්‍රියාකාරීත්ව භාවිතා නොකරන විට මෙම සේවාව ඔබගේ අවසර වෙත නොපිවිසෙනු ඇති බවට කරුණාකර සහතික කරගන්න.

4. හුවමාරු කිරීම
වෙනත් පුද්ගලික තොරතුරු පාලකයින්ට ඔබේ පුද්ගලික තොරතුරු සැපයීම හුවමාරු කිරීම යනුවෙන් හැඳින්වෙන අතර, එහිදී දෙපාර්ශ්වයටම පුද්ගලික තොරතුරු සඳහා ස්වාධීන පාලනයක් ඇත. නීති සහ රෙගුලාසිවල අවශ්‍යතාවන්ට අනුකූලව, අපි ඔබගෙන් රැස් කරන තොරතුරු පහත සඳහන් තත්වයන් යටතේ හුවමාරු කිරීමට ඉඩ ඇත:
(a) vivo පාර්ශ්වකරුවන් සමග හුවමාරු කරගන්න: අත්‍යාවශ්‍ය සේවා සක්‍රීය කිරීමට හෝ පුළුල් විගණනයක් හා විශ්ලේෂණයක් සිදු කිරීම සඳහා, අපි ඔබෙන් ලබාගත් තොරතුරු අපගේ අනුබද්ධායතන සමග හෝ vivo තුළ හුවමාරු කිරීමට ඉඩ ඇත.
(b) බලයලත් හවුල්කරුවන් සමග හුවමාරු කරගන්න: මෙම සේවාව හෝ ඔබ භාවිතා කරන අදාළ EasyShare සේවා සක්‍රීය කිරීමට අවශ්‍ය විටදී අපි ඔබේ පුද්ගලික නොවන තොරතුරු සමහරක් අපගේ බලයලත් හවුල්කරුවන්ට හෙළි කිරීමට ඉඩ ඇත. එම තොරතුරු ඔබගේ උපාංග අනන්‍යකාරකය සමග සම්බන්ධ කිරීමවත් ඔබව හඳුනාගැනීමට භාවිතා කිරීමවත් සිදු නොවනු ඇත.

5. අනාවරණය කිරීම
සාමාන්‍යයෙන් පුද්ගලික තොරතුරු මහජනයාට හෙළි නොකළ යුතුය. කෙසේ වෙතත්, අප විසින් සමහරක් නීති හා රෙගුලාසි මගින් නියම කර ඇති පරිදි හෝ අධිකරණ හා රජයේ ආයතන විසින් අවශ්‍ය කරන පරිදි අනුරූපී අනිවාර්ය බැඳීම ඉටු කිරීමට ඔබගේ පෞද්ගලික තොරතුරු අනාවරණය කළ හැකිය. ඊට අමතරව, අපි ඔබගේ පුද්ගලික තොරතුරුවල ආරක්ෂාව තරයේ ආරක්ෂා කරනු ඇති අතර එය සම්බන්ධයක් නැති කිසිඳු තෙවන පාර්ශවයකට හෙළි නොකරන්නෙමු.

6. බාල වයස්කරුවන්ගේ දත්ත සැකසීම
අපි බාල වයස්කරුවන්ගේ රහස්‍යතාව ආරක්ෂා කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන අතර බාල වයස්කරුවන්ගේ ක්‍රියාකාරකම් සහ විනෝදාංශ කෙරෙහි සක්‍රීය අවධානය යොමු කරන ලෙස දෙමව්පියන්/භාරකරුවන්ගෙන් ඉල්ලමු. (ඔබේ රටේ නීති සහ එකිනෙක රටෙහි සහ කලාපයේ සංස්කෘතික පිළිවෙත් අනුව බාල වයස්කරුවන්ගේ වයස තීරණය කෙරේ.) අපි බාල වයස්කරුවන් පරිශීලකයින් ලෙස ඉලක්ක නොකරන අතර හිතාමතාම බාල වයස්කරුවන්ගේ දත්ත රැස් නොකරමු. ඔබගේ පූර්ව අවසරයකින් තොරව ඔබගේ බාල වයස්කරුවෙකුගේ පුද්ගලික දත්ත එක්රැස් කර ඇති බව ඔබ (දෙමව්පියන්/භාරකරු) විසින් සොයාගතහොත්, කරුණාකර එය මැකීමට අප හා සම්බන්ධ වන්න, සහ බාල වයස්කරු අදාළ සේවා භාවිතා කිරීමෙන් දායකත්වයෙන් ඉවත්වීම හෝ නැවැත්වීම සිදු කරන බව තහවුරු කරන්න.

7. දේශසීමා හරහා සම්ප්‍රේෂණය
මෙම සේවාව මගින් මහජන චීන සමූහාණ්ඩුව තුළ රැස් කර ජනනය කරන පුද්ගලික තොරතුරු මහජන චීන සමූහාණ්ඩුවේ ගබඩා කෙරෙනු ඇති අතර දේශසීමා හරහා සම්ප්‍රේෂණය සිදු නොවේ. මෙම සේවාව සඳහා දේශසීමා හරහා දත්ත සැකසීම අවශ්‍ය නම්, අපි නීති, පරිපාලන රෙගුලාසි සහ අදාළ බලධාරීන්ගේ අවශ්‍යතා දැඩි ලෙස පිළිපදිනු ඇති අතර ඔබේ ප්‍රකාශිත කැමැත්ත ලබා ගැනීම සඳහා සවිස්තරාත්මක අරමුණු, සම්ප්‍රේෂණ ස්ථානය සහ තාක්ෂණික ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳව ඔබට කලින් දන්වමු.

8. තොරතුරු ආරක්ෂාව සහ සුරක්ෂිතතාව
ආරක්‍ෂක පරීක්ෂා, සහ සංකේතන මෙවලම් සහ මෘදුකාංග ඇතුළුව නමුත් ඒවාට පමණක් සීමා නොවී සාධාරණ ආරක්ෂක පියවර සහ වැඩසටහන් සමගින් අපි ඔබේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කරන්නෙමු. රැස් කළ දත්ත වලට අභ්‍යන්තර ප්‍රවේශය ඇත්තේ දත්ත දැන ගැනීමේ අවශ්‍යතාවයක් ඇති ජාල පරිපාලකවරුන් සහ අදාළ පුද්ගලයින්ට පමණි. අපි මෙම සේවාව ක්‍රියාත්මක කිරීම නැවැත්වුවහොත් හෝ ඔබ මෙම සේවාව භාවිතා කිරීම නැවැත්වුවහොත්, අපි තවදුරටත් ඔබේ තොරතුරු කිසිවක් රැස් කිරීම හෝ භාවිතා කිරීම නොකරනු ඇති අතර අපි ගබඩා කරන ඔබගේ තොරතුරු නිර්නාමික කිරීම හෝ මැකීම කරන්නෙමු.

9. තොරතුරු කළමනාකරණය
(1)ඔබට ඔබගේ පුද්ගලික තොරතුරු විමසීමට, වෙනස් කිරීමට හෝ මැකීමට ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපගේ පාරිභෝගික සේවාව ඇමතීමට හෝ අප ඇමතීමට vivo.com වෙත පිවිසීමට හැකිය. ඔබගේ පුද්ගලික තොරතුරුවල ආරක්ෂාව වඩා හොඳින් ආරක්ෂා කිරීමට, ඔබගේ ඉල්ලීම පිළිගැනීමට පෙර ඉල්ලීම කරනු ලැබුවේ පුද්ගලික තොරතුරු අදාළ වන පුද්ගලයා හෝ ඔවුන්ගේ බලයලත් නියෝජිතයා විසින් බව තහවුරු කිරීමට අපි ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමට ඉඩ ඇත. කරුණාකර ඔබගේ ඉල්ලීම නිශ්චිත හා ක්‍රියාවට නැංවිය හැකි එකක් බවට වග බලාගන්න. පිළිගත් ඉල්ලීම් ව්‍යාපාරික දින 15 ක් තුළ ඉටු කිරීමට අපි අපගේ උපරිම උත්සාහය දරන්නෙමු.
(2) ඔබගේ උපාංගයේ අදාළ ක්‍රියාකාරීත්ව අක්‍රීය කිරීමෙන් හෝ අප ඇමතිමෙන් ඔබේ අවසරය රැස් කිරීම හෝ ඉවත් කර ගැනීම දිගටම සිදු කිරීමට ඔබ අපට බලය පවරන ඔබේ පුද්ගලික තොරතුරු විෂය පථය අප විසින් වෙනස් කිරීමට ඉඩ ඇත. සමහර සේවා ක්‍රියාකාරීත්වවල කාර්ය සාධනය සඳහා ඇතැම් මූලික පුද්ගලික තොරතුරු අවශ්‍ය බව කරුණාකර වටහාගන්න. ඔබ ඔබේ කැමැත්ත හෝ අවසරය ඉල්ලා අස්කර ගත් පසු, අපට තවදුරටත් ඔබට අදාළ සේවාව සැපයීමට නොහැකි වනු ඇති අතර, අපි ඔබේ අදාළ පුද්ගලික තොරතුරු සැකසීම ද නොකරන්නෙමු. කෙසේ වෙතත්, ඔබේ කැමැත්ත හෝ අවසරය ඉල්ලා අස්කර ගැනීම මගින්, ඔබේ අවසරය පදනම්ව කලින් පවත්වන ලද පුද්ගලික තොරතුරු සැකසීමට බලනොපානු ඇත.

10. වියාචනය
මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය vivo හි පුද්ගලික දත්ත ආරක්ෂාව සඳහා ප්‍රමිති දක්වා ඇත. ඔබගේ පුද්ගලික තොරතුරු සහ දත්ත ආරක්ෂාව ආරක්ෂා කිරීමට vivo එම ප්‍රමිති දැඩිව පිළිපදිමින් සියලු යෝග්‍ය සහ කළ හැකි පියවර ගනු ඇත. කෙසේ වෙතත්, සෑම සාධකයක්ම හෝ තෙවන පාර්ශව විසින් ඔබේ තොරතුරු සහ දත්ත රැස් කරන සහ භාවිතා කරන ආකාරය පාලනය කිරීමට vivo හට නොහැකි බවත් සෑම ක්‍රියාමාර්ගයක්ම සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමට ඉඩ ඇති බවත් කාරුණිකව දැනුවත්ව වටහාගන්න. එබැවින්, ඔබගේ දත්ත සහ තොරතුරු කිසිඳු තත්වයක් යටතේ අනාවරණය නොවනු ඇති බවට අපට වගකීමට නොහැක. මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය අදාළ වන්නේ vivo තොරතුරු රැස් කරන, භාවිතා කරන සහ හුවමාරු කරන ආකාරයට මිස තෙවන පාර්ශ්ව විසින් සපයන සේවාවන්ට හෝ තෙවන පාර්ශ්ව විසින් තොරතුරු රැස් කරන, භාවිතා කරන සහ හුවමාරු කරගන්නා ආකාරය සඳහා නොවේ. තෙවන පාර්ශ්ව විසින් ඔබේ තොරතුරු සහ දත්ත රැස් කිරීම සහ/හෝ භාවිතා කිරීම සම්බන්ධයෙන් අපි කිසියම් වගකීමක් නොකරන අතර, vivo වෙත ආරෝපණය කර නොමැති තොරතුරු සහ දත්ත කාන්දුව සඳහා කිසිඳු වගකීමක් භාර නොගනී.

11. මෙම ප්‍රතිපත්තිය පිළිබඳව
කලින් කලට මෙම ප්‍රතිපත්තිය යාවත් කිරීම හෝ නවීකරණය කිරීමට ඇති අයිතිය vivo විසින් රඳවා ගනු ඇත. මෙම රහස්‍යතා ප්‍රතිපත්තියේ නියම වෙනස් කළ පසු, vivo විසින් යාවත් කළ අනුවාදය අදාළ පිටුවල පෙන්වනු ඇත. නියමවෙනස් කිරීම ඔබගේ අභිලාෂයන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරන්නේ නම්, අපි ඔබට ප්‍රමුඛ ආකාරයකින් දැනුම්දීම හෝ ඔබේ අවසරය නැවත ලබාගැනීම සිදු කරන්නෙමු. ඔබ මෙම සේවාව භාවිතා කිරීම සහ අඛණ්ඩව භාවිතා කිරීම මගින් ඔබ මෙම ප්‍රතිපත්තියට එකඟ වන බව අදහස් කෙරේ. ඔබ මෙම ප්‍රතිපත්තියට එකඟ නොවන්නේ නම්, සේවාව භාවිතා නොකරන්න නැතහොත් කරුණාකර ඔබගේ උපාංගය මත සේවාව අක්‍රීය කරන්න. ඔබට ඔබගේ උපාංග සැකසුම් තුළ මෙම ප්‍රතිපත්තියේ නවතම අනුවාදය සොයාගත හැකිය.

12. අප අමතන්න
ඔබට ප්‍රශ්න, අදහස් හෝ යෝජනා කිසිවක් ඇතොත්, කරුණාකර 400-678-9688 හි අපගේ පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අමතන්න නැතහොත් අපගේ ඔන්ලයින් සේවා නියෝජිතයන් මගින් අප ඇමතීමට https://www.vivo.com වෙත යන්න.
අපගේ පිළිතුර හෝ ඒ් සම්බන්ධව කටයුතු කිරීම පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, අධිකරණ බල සීමාව සඳහා වන ඩොන්ග්ගුවාන් අංක 2 මහජන අධිකරණයට (දුර: 0769-89889888) ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් හෝ කර්මාන්ත නියාමන සංවිධානයේ හෝ රජයේ නියාමන ආයතනවල සහය පැතීමෙන් ඔබට බාහිර ප්‍රවේශයන් වෙත හැරිය හැකිය.

ප්‍රකාශන හිමිකම ©2016-වර්තමානය vivo Mobile Communication Co., Ltd. සියලුම හිමිකම් ඇවිරිණි.
ලියාපදිංචි ලිපිනය: No. 168, Jinghai East Road, Chang’an Town, Dongguan City, Guangdong Province, People’s Republic of China
අවසන් වරට යාවත් කළේ: 2020 නොවැම්බර් 9